හපුතලේ ප්‍රාදේශීය සභාවේ අන්තර්ජාල බිහිදොරට

ඔබ සාදරයෙන් පිළිගනිමු ….!
අප ගැන

සාදරයෙන් පිළිගනිමු


හපුතලේ ප්‍රාදේශීය සභාවට අයත් වන හපුතලේ සහ දියතලාව ශ්‍රී ලංකාවේ ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂණයට ලක්ව පවතින නගර ද්විත්වයකි. හපුතලේ ප්‍රාදේශීය සභාව සංවිධානය වී ඇත්තේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 26 කිනි. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව මෙම ප්‍රාදේශිය සභාව සංස්ථාපනය වී ඇත.

සේවාවන්


අනුකූලතා සහතික නිකුත් කිරීම

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැලැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සදහාය. ගොඩනැගිල්ල ඉදි කල පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබා ගත යුතුය

2

කසල ඉවත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක් සහ ට්‍රැක්ටර් රථ යොදවා ඇත.

3

කසල ප්‍රවාහනය

දෛනිකව එක් රැස් කරන කසළ හැරෙන්නට ප්‍රජාවගේ අවශ්‍යතාවය අනුව කසළ ප්‍රවාහනය කටයුතු සිදු කළ හැක.

chairman

සභාපතිතුමා ගේ පණිවිඩය


ශීග්‍රයෙන් වර්ධනය වන හපුතලේ ප්‍රදේශයේ ජනතාවගේ පොදු පහසුකම් පොදු උපයෝගිතාවය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මාගේ ප්‍රධාන අරමුණයි. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් පාලන ආයතනයක් වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු කරමි. මම හපුතලේ ප්‍රාදේශීය සභාව සඳහා නායකත්වය දෙමින් ඔබේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරමින් ඒ සදහා තොරතුරු තාක්ෂණවේදය පදනම් කරගත් සේවාවන්හි විෂය පථය තව දුරටත් පුළුල් කිරීමට සිදු කරමින් සේවා සැපයීමට කටයුතු කරන්නෙමි.

බී. කන්දසාමි (කන්නා)
සභාපති
හපුතලේ ප්‍රාදේශීය සභාව

සභා ලේකම්තුමියගේ පණිවිඩය


මහජන සුභසාධනය උදෙසා ඉතා විශාල සේවාවක් ඉටුකරනු ලබන පළාත් පාලන ආයතනයක් වන හපුතලේ ප්‍රාදේශීය සභාවේ පරිපාලන නිළධාරි වශයෙන් කටයුතු කරමින් මෙම ආයතනය වර්තාමනයේ  පවතින ස්ථානය පිළිබදව මා ඉමහත් සතුටට පත් වන්නෙමි.

විශේෂයෙන් සෑම ක්‍ෂෙත්‍රයකම වාගේම තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත්‍රයද වර්තමානයේ දක්නට ලැබෙන තත්වය ඉතාමත් සතුටුදායකය. මහජන මුදලින් නඩත්තු වන රජයේ ආයතනයක් විසින් මහජනතාව වෙනුවෙන් ඉතා කාර්යක්‍ෂම කඩිනම් ඵළදායි සේවාවක් සැපයීමට අවශ්‍යවන තොරතුරු තාක්‍ෂණය භාවිතයට ගැනීම සදහා දරන ලද ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ගෙන ඇති මෙම මහඟු වැඩපිළිවෙල තව තවත් සාර්ථකව ඉදිරියට ගෙනයාම උදෙසා ඇපකැප වීමෙන් කටයුතු කර වඩා සාර්ථක පළාත් පාලන සේවාවක් ගොඩ නැංවීමට කටයුතු කළ යුතුය. ඒ සදහා කාර්ය මණ්ඩලය සමග එකමුතුව කටයුතු කරන්නෙමි.

හපුතලේ ප්‍රාදේශීය සභාවේ ජනතා මෙහෙවර වෙනුවෙන් ශක්තිය, ධෛර්යය හා මග පෙන්වීම නොඅඩුව ලබා දෙන හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිතුමා සහ පක්ෂ විපක්ෂ මණ්ත්‍රි මණ්ඩලයත්, පළාත් පාලන කොමසාරිස්තුමා ද මෙම අවස්ථාවේදී ඉතාමත් ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමි.

කේ.එම්.පී.සී. කුලසේකර

සභා ලේකම් (හපුතලේ ප්‍රාදේශීය සභාව)