මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැලැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සදහාය. ගොඩනැගිල්ල ඉදි කල පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබා ගත යුතුය.
මේ සදහා,
- කාර්යාලයෙන් මුදලක් ගෙවා අයදුම් පතක් ලබාගෙන නිසි පරිදි පුරවා ඉදිරිපත් කල යුතු අතර ඊට අමතරව ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව ද යම් මුදලක් ගෙවිය යුතු වේ.
- වසරක් තුල ඉදිකිරීම් අවසන් කල නොහැකි නම් කාලය දීර්ඝ කරගත යුතුය.
- අනුමත සැලැස්මේ වලංගු කාලය වසර 3 ඉකුත් වී ඇත්නම් අදාල අනුමත සැලැස්මේ පිටපතක් සමග නව අයදුම් පතක් මගින් නැවත සැලැස්ම ඉදිරිපත් කල යුතුය.
- තාක්ෂණ නිලධාරී හා මහඡන සෞඛ්‍යය පරීක්ෂක නිර්දේශ කිරීමෙන් පසු සැලසුම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ.
- කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුකූලතා සහතිකය නිකුත් කරනු ලැබේ.
ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානියක් විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සදහා ක්‍රියා මාර්ග ගනු ලැබේ. මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත අයදුම් පතක් ඉදිරිපත් කල යුතු වේ. ගස හෝ ගසේ අත්ත සභාපතිවරයා විසින් නියම කර දින ගණනක් 14 ක් ඇතුලත ඉවත් නොකෙරුනේ නම්, එය ප්‍රාදේශීය සභා මැදිහත්වීමෙන් ඉවත් කර ඒ සදහා දරනු ලබන වියදම ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 107 (1) 2(1) වගන්ති අනුව
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක් සහ ට්‍රැක්ටර් රථ යොදවා ඇත. දරණ කසළ නොදිරණ කසළ ලෙස කසළ රැස්කර දෛිනකව කාල සටහනකට අනුව සිදු කරන ලබන අතර බල ප්‍රදේශයේ ජනගහනය අධික ප්‍රදේශවල පමණක් කසළ රැස්කිරීම සිදු කරනු ලැබේ.
දෛනිකව එක් රැස් කරන කසළ හැරෙන්නට ප්‍රජාවගේ අවශ්‍යතාවය අනුව කසළ ප්‍රවාහනය කටයුතු සිදු කළ හැක.
මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග සභාපතිවරයා / ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
ගාස්තුව පිළිබද තීරණයක් ගැනීමෙන් පසු අදාල සේවාව ලබා ගත හැකි වේ.
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ පියවර
- ගොඩනැගිලි අයදුම් පත්‍රයක් මුදල් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත යුතුය. (නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක්ද යන්න තහවුරු කරගෙන අයදුම්පත ලබාගෙන සම්පූර්ණ කළ යුතුය.
- එම සම්පූර්ණ කල අයදුම් පත සමග අනුමත කිරීමට ඇති ගොඩනැගිල්ලේ සැලැස්මේ මුල් පිටපත් 3 ක්, ඉඩමේ සැලැස්ම හා එහි ඡායා පිටපතක්, ඔප්පුවේ පිටපතක් ගොඩනැගිලි අංශය වෙත ලබා දී ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව (මේ පිළිබද විස්තර අයදුම් පතෙහි සදහන් කර ඇත.) මුදල් ගෙවා ලදු පතක් ලබා ගත යුතුය.
- ඉන්පසු සභාවේ තාක්ෂණ නිලධාරි / මහඡන සෞඛ්‍ය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ගේ නිර්දේශය සමග එම ලිපි ගොනු සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුදුසුකම් සම්පූර්ණවීමෙන් පසු අනුමැතිය ලබා දෙනු ලැබේ.
- අනුමත මුද්‍රාව තැබීමෙන් පසුව අදාල අනුමත සැලැස්ම ලබාගත හැකි වේ.
(වැඩිදුර විස්තර එම අයදුම් පතෙහි සදහන් කොට ඇත.)
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිදු කෙරෙන සියලු ඉඩම් සංවර්ධනය කිරීම් හා කොටස් වලට කැඩීම් පළමුව ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කල යුතුය. මෙහි අරමුණ නගරික ප්‍රදේශයන් හි ඉඩම් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමයි.
සුදුසුකම්
- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇති කොටස් වලට කැඩීම හෝ සංවර්ධනය කිරීමට නියමිත ඉඩමක හිමිකරුවෙකු විය යුතුය.
- හිමිකරු සතුව ලියාපදිංචි ඔප්පුවක් තිබිය යුතුය.
බිම් කට්ටි අනුමත කිරීමේ පියවර
- ඉඩම් අනුබෙදුම් අයදුම් පත්‍රයක් මුදල් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
- එම සම්පූර්ණ කල අයදුම් ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධනය (NBRO) ඉදිරිපත් කර NBRO වාර්තාව ලබාගැනීම
- එම වාර්තාව සමග ප්‍රාදේශීය සභාවෙන් රුපියල් 300 ක් ගෙවා ලබාගන්නා ලද අයදුම්පත්‍රය (පොත) සම්පූර්ණ කර අනුබෙදුම් සැලැස්ම සහ ඔප්පුවේ පිටපතක් ප්‍රාදේශීය සභාවෙ වෙත භාරදීම.
- ප්‍රාදේශීය සභාවේ සැලසුම් කමිටුවට යොමු කිරීමෙන් අනතුරුව කමිටුව තීරණය ලැබුණු පසු බිම් කට්ටි සදහා අනුමැතිය ලබාදීම.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩම් කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩමට ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලැබූ වීථි රේඛා සහතිකයක් අවශ්‍ය වේ. මෙම සහතිකයේ ඇති වැදගත්කම වනුයේ වීථි රේඛා කඩ කොට ඉදි කර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය තිබීමයි.
සුදුසුකම්
- අදාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතුය.
මේ සදහා,
- ගාස්තු ගෙවා අයදුම්පතක් ප්‍රාදේශීය සභා කාර්යාලයේ වරිපනම් අංශයෙන් ලබාගත යුතු වේ.
- අයදුම්පත, ඉඩම් සැලැස්මේ මුල් පිටපත පිටපත් දෙකක් සමග ඉදිරිපති කල යුතුය.
- එහි දී අයදුම්කරු බදු, බලපත්‍ර ගාස්තු හෝ වෙනත් අදාල ගෙවීමක් හිග තැබීමක් කොට නොමැති බවට තහවුරු කර ගත යුතු වේ.
- එසේ හිග තැබීමක් කර ඇති විටෙක එම මුදල් ගෙවිය යුතු වේ.
- අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මේ මුල් පිටපත්වල හා අනු පිටපත්වල වීථි රේඛා සලකුණු කිරීමෙන් අනතුරුව වීථි රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.
- සියලු හිග වරිපනම් බදු ගෙවා අවසන්කර තිබිය යුතුය.
යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල පිහිටි ඉඩම් කොටසක් සුරක්ෂිතයක් ලෙස මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩම ප්‍රාදේශීය සභව විසින් පවරා ගෙන නොමැති බවට වන සහතිකයක් නිකුත් කරනු ලැබේ. මෙය නොපවරා ගැනීමේ සහතිකය ලෙස හදුන්වනු ලබයි.
මෙම සහතිකය ලබාගැනීම සදහා පහත සුදුසුකම් සපුරා තිබිය යුතු වේ.
- ඉඩම හෝ දේපල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතු වේ.
- වරිපනම් බදු හිග තැබීමකින් තොරව ගෙවා තිබිය යුතු වේ.
- ඉඩම හෝ දේපල වීථි රේඛාවන් මත පිහිටා නොතිබිය යුතු වේ.
මේ සදහා වරින් වර සභාව විසින් පනවනු ලබන ගාස්තුවක් අය කර ගනු ලැබේ.
මේ සදහා සැපයිය යුතු ලේඛන,
- ඔප්පුවේ සහ සැලැස්මේ පිටපතක්
- අනිවාර්ය තොරතුරු
- වීදියේ / පාරේ නම
- වරිපනම් අංකය
- පිහිටීම
- හිමිකරුගේ නම
- ඔප්පු අංකය හා දිනය
- සැලසුම් අංකය හා දිනය
මෙම සියලු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපති / ලේකම් විසින් අත්සන හා මුද්‍රාව තබන ලද නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කරනු ලැබේ.
- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල යම් දේපලක් තක්සේරු කර ගැනීමට අවශ්‍ය වූ විටෙක තක්සේරු දෙපාර්තමේන්තුව මගින් එම තක්සේරු කටයුතු සිදු කරවා ගනු ලැබේ.
- වටිනාකම් ස්ථාන වල තක්සේරුව පිළිබදව නව තක්සේරුවක් කළ යුතු යැයි මහ සභාව තීරණය කර විෂයභාර අමාත්‍යවරයා එය අනුමත කරන්නේනම් ඒ අනුව තක්සේරු කටයුතු සිදු කරනු ලැබේ.
- ප්‍රාදේශීය සභාව මගින් ගොඩනැගිල්ලක් ඉදිකළයුතු අනුකූලතා සහතිකය ලබා දුන් පසු ගොඩනැගිලි සැදීමට අනුමැතිය ලබාදුන් පසු එම ගොඩනැගිලි වල වාර්ෂික වටිනාකම දළ වශයෙන් තක්සේරු කරනු ලැබේ.
- වෙන්දේසිකරුවෙකු විසින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් කොටස් කර විකිණීමේ දී අදාල බදු මුදල් අය කිරීම සදහා එම දේපල තක්සේරු කරනු ලැබේ.
- බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලුම කර්මාන්ත හා ව්‍යාපාර වලින් වාර්ෂිකව ගාස්තු අය කිරීම සදහා ද දේපල තක්සේරු කිරීම සිදුකරනු ලැබේ.
- දේපලක් අත්පත් නර ගැනීමේ දී ද එම දේපලෙහි වටිනාකම තක්සේරු කිරීමට ලක් කෙරේ.
මේ ආදී කටයුතු වලදී කෙරෙනු ලබන දේපල තක්සේරු කිරීම පිළිබද වැඩිදුර තොරතුරු සභාවේ ආදායම් පරීක්ෂක හෝ ආදායම් පරිපාලක නිලධාරීන් වෙතින් ලබා ගත හැක.
ප්‍රාදේශීය සභා පනතේ 141 වගන්තියට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉඩම් හා ගොඩනැගිලි සහ එම ඉඩම් හා ගොඩනැගිලිවල අයිතිකරුවන් සහ කුලී නිවැසියන් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීම අනිවාර්යය වේ. එමෙන්ම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදු වන ඉඩම් හා ගොඩනැගිලි සමිබන්ධයෙන් වන සියලුම ගනුදෙනු ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වේ.
- ලියාපදිංචි කොට නොමැති අවස්ථාවලදී කොටස් වලට කැඩීම සහ සංවර්ධනය සදහා අවසර ලබා නොදේ.
- එමෙන්ම ලියාපදිංචි කොට නොමැති විට ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කරනු නොලැබේ.
ගාස්තුව
මේ සදහා ගාස්තු අය කෙරෙන අතර, මෙම ගාස්තුව සභා තීරණ මත වෙනස් වේ.
සැපයිය යුතු ලේඛන
- නොතාරිස් බලපත්‍ර හිමියෙකු විසින් සහතික කරන ලද අදාල ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ හිමිකම් ඔප්පුවේ පිටපතක්.
- වරිපනම් අංකය, වටිනාකම සහ ඉඩම හෝ ගොඩනැගිලි පිළිබද අනිකුත් විස්තර.
- අදාල ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ මායිම් හා ඒවා හදුනාගන්නේ කෙසේද යන වග
- ඉඩම හෝ ගොඩනැගිල්ලට හවුල් හිමිකාරිත්වයක් ඇත්නම් එම හවුල් හිමිකුවන්ගේ නම් සහ ලිපිනයන්.
- නොතාරිස් සහතිකය සහිත ඔප්පුවේ ලියාපදිංචි කරන ලද පිටපතක්.
- මානක සැලැස්මේ පිටපතක්.
පටිපාටිය
- ගාස්තුවක් ගෙවා අයදුම් පත්‍රයක් ලබා ගැනීම.
- අයදුම් පත්‍රය හා සැපයිය යුතු අනෙකුත් ලේඛන භාර දීම.
- එහි දී අයදුම්කරු ලබා දුන් තොරතුරු නිවැරදි ද යන්න තීරණය කිරීමට වරිපනම් ලේඛනය පරීක්ෂා කරනු ලැබේ.
- ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
- වරිපනම් ලේඛනය සංශෝධනය සදහා අනුමැතිය දීම.
- වරිපනම් ලේඛනය සංශෝධනය කර අයදුම්කරුට දැනුම් දීම.
හිමිකරු අයදුම් පත්‍රය සමග ලබා දී ඇති තොරතුරු වරිපනම් ලේඛනයේ ඇති තොරතුරු හා නොගැලපෙන විට හිමිකම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුට දැනුම් දෙනු ලැබේ.
1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තියට අනුව සමහර ඉඩම් විකිණීමේ දී බද්දක් අය කර ගත හැක.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් වෙන්දේසිකරුවෙකු, තැරැව්කරුවෙකු හෝ එවැන්නෙකුගේ සේවකයෙකු හෝ නියෝජිතයෙකු විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ වෙනත් ක්‍රමයකින් විකුණනු ලබන අවස්ථාවක දී එම විකුණුම්කරු හෝ වෙන්දේසිකරු හෝ තැරැව්කරු හෝ ඔහුගේ සේවකයා හෝ නියෝජිතයා බද්දක් ගෙවිය යුතු වේ.
පටිපාටිය
- ඉඩම පරීක්ෂාවට ලක් කිරීම.
- ගෙවිය යුතු මුදල දැනුම් දීම.
- එවිට ගෙවීම සිදුකොට රිසිට් පත් ලබාගත යුතුවේ.
දින 14 ක් ඇතුලත ගෙවීම පැහැර හැරි විට ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත හැක.
මෙහි දී,
- ප්‍රාදේශීය සභාවේ සභාපති/ලේකම් වෙත ඉල්ලීම් ලිපියක් සමග අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
- ඡල සම්පාදන මණ්ඩලයේ නිර්දේශිත ලිපියක් ඉදිරිපත් කිරීම.
- තාක්ෂණ නිලධාරියාගේ නිර්දේශය මත තැන්පත් මුදල් සමග සේවා ගාස්තු අයකොට අදාල අනුමැතිය ලබාදෙනු ලැබේ.
මෙය පවතින්නේ යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලා සහ ව්‍යාපාර මධ්‍යම පරිසර අධිකාරිය විසින් පනවා ඇති පාරිසරික ප්රමිතීන් පවත්වා ගෙන යන්නේ ද යන්න තහවුරු කිරීම සදහා වේ. 2000.11.22 දි නැති අංක 1159/22 දරණ ගැසට් පත්‍රය මගින් පාරිසරික අමාත්‍යවරයා විසින් සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පිහිටි සියලුම කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර සදහා මෙම බලපත්‍රය ලබා ගත යුතු බවට නියෝග කර ඇත.
පරිසර බලපත්‍රය ලබා දීමේ ක්‍රියාවලිය
- පරිසර බලපත්‍රය ලබා ගැනීමට පළමුව පරිසර නිර්දේශයක් ලබා ගත යුතු වේ.
- පරිසර නිර්දේශය ලබා ගැනීම සදහා වන ඉල්ලුම් පත්‍රයක් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැක.
- පරිසර නිර්දේශයක් ලබා ගැනීම සදහා ඉඩමේ ප්‍රමාණය පර්චස් 40ට අඩු නොවිය යුතුය. ඒ සදහා ඉඩමේ ඔප්පුව සහ සැලැස්ම ද ඉදිරිපත් කළ යුතු වේ.
- කර්මාන්තයට ආයෝඡනය කරන මුදල අනුව ගෙවිය යුතු පරීක්ෂණ ගාස්තුව වෙනස් වේ.
- ඉන්පසු එම ඉල්ලුම් පත සදහා සභාවේ තාක්ෂණ නිලධාරීන්ගේ හා මහඡන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව පරිසර කමිටුව හරහා නිර්දේශයන් ලබා දෙනු ලබයි.
- මෙම පරිසර නිර්දේශය වලංගු වන්නේ වසරක් සදහා පමණක් වන අතර එය ලබා ගැනීමෙන් පසු ඔහුට / ඇයට පරිසර බලපත්‍රය සදහා අයදුම් කල හැක.
- පරිසර බලපත්‍රක් ලබා ගැනීමට වාර්ෂික ගැසට් පත්‍රයෙන් නියම කරනු ලබන මුදලක් ගෙවා අයදුම් පතක් මිලදී ගත යුතුය.
- එමෙන්ම ඒ සදහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත සමග ඉඩමේ ඔප්පුවේ පිටපතක්, ඉඩමේ හා ගොඩනැගිල්ලේ අනුමත මැනුම් සටහනේ පිටපත් සහ පරිසර නිර්දේශය ඉදිරිපත් කළ යුතු වේ.
- මෙහිදී ද පෙර පරිදිම පරිසර කමිටුව හරහා නිර්දේශයන් ලබා දෙනු ලබයි.
- මෙම පරිසර බලපත්‍රය වලංගු වන්නේ වසර 3 ක් සදහා පමණක් වේ. එහෙයින් වසර 3 ක් ගත වීමට පෙර එය අලුත් කිරීම සදහා ඉල්ලුම් පත්‍රයක් වාර්ෂිකව ගැසට් පත්‍රයෙන් නියම කරනු ලබන මුදලක් ගෙවා මිල දී ගෙන එය නිසි පරිදි සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතු වේ.
- ඉන් පසුව නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සභාවේ පරිසර කමිටුව විසින් සිදු කිරීමෙන් අනතුරුව පරිසර කමිටුව හරහා නව පරිසර බලපත්‍රය ලබා දෙනු ලබයි.
මෙහි දී අදාල අධිකාරීන්ගේ හෝ පොලීසියේ අනුමැතිය සහිතව කරනු ලබන ලිඛිත ඉල්ලීම් පිළිබදව සලකා බලා අදාල ගාස්තුව අය කොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දෙනු ලබයි.
මේ යටතේ නිවාස සහ වෙනත් ස්ථාන වල වැසිකිලි වලවල් හිස් කිරීම සිදු කරනු ලබයි.
මෙහි දී,
- අයදුම්පතක් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කල යුතුය.
- වාර්ෂික ගැසට් නිවේදනය මගින් නියම කරන ලද ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා විසින් අනුමැතිය ලබා දේ.
කාලීන වශයෙන් වැදගත්වන සෞඛ්‍යය සේවාවන්ට අදාල ව්‍යාපෘතීන් ද හපුතලේ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
හපුතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහඡනතාව විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ පැමිණිලි පිළිබදව ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට එම ගැටලු සමතයකට පත්කර දීම ද මෙම ප්‍රාදේශීය සභාව මගින් සිදු කරයි.
ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි පහන් සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු හපුතලේ ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ. මෙහි දී ඡනතාව විසින් කරනු ලබන වාචික හා ලිඛිත ඉල්ලීම් පිළිබදව සලකා බලනු ලැබේ.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සියලු සුසාන භූමි නඩත්තු කරමින් පවත්වා ගෙන යාම ප්‍රදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.
- ආදාහනාගාර සේවාව සැපයීමේ දී මරණ සහතිකය සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත අයදුම් පතක් ඉදිරිපත් කල යුතු වේ.
- අදාල ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දේ.
මේ සදහා මරණ සහතිකය, ස්මාරකයේ සැලැස්ම, මියගිය තැනැත්තා එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඡීවත් වූවෙකු බවට වන ලිපියක් සමග අයදුම් පතක් ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. මහඡන සෞඛ්‍යය පරීක්ෂක / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දෙනු ලැබේ.
ප්‍රාදේශීය සභාවක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි. ඒ අනුව හපුතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඉදි කිරීම් ක්‍රියාකාරකම්වල යෙදෙන සියලුම පුද්ගලයින් මෙම ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.
1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතට අනුව මෙම බද්ද කාර්, ලොරි, යතුරු පැදි සහ මෝටර් රථ වාහන පනත යටතට වැටෙන අනෙකුත් මෝටර් වාහන වලට අදාල නොවේ.
ප්‍රාදේශීය සභාව නියමකරන දිනට පෙර හෝ අනු නීති මගින් නියම කරන දිනට පෙර මෙම බලපත්‍රය ලබා ගත යුතුය.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල තබා ගන්නා හා භාවිත කරනු ලබන බයිසිකල්, ට්රයිසිකල්, ට්රයිසිකල් කරත්ත, අත් කරත්ත, රික්ෂෝ, අශ්වයින් හා පෝනීන් මෙම බද්දට අයත් වේ.
පටිපාටිය
- මේ සදහා නිශ්චිත අයදුම්පතක් නොමැති අතර ප්‍රාදේශීය සභාව වෙත ගෙවනු ලබන බදු මුදල සදහා රිසිට් පතක් නිකුත් කරනු ලැබේ.
- ලියාපදිංචි කල බවට වන ලෝහ පතුරක් ලියාපදිංචි අංකයක් ද සමග සත්වයා හෝ වාහනය සදහා නිකුත් කරනු ලැබේ.
බදු නොගෙවීමේ දී
- බලපත්‍රය ලබා නොගත් අය වෙත ප්‍රාදේශීය සභාව දැන්වීම් කරනු ලබයි.
- වාහනය හෝ සත්වයාගේ හිමිකරු මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවා දඩයක් අය කර ගනු ලැබේ.
- ලියාපදිංචි අංකය සහිත ලෝහ පතුර ප්‍රදර්ශනය නොකල අවස්ථාවක සභාපති / ලේකම් හෝ බලය ලත් නිලධාරියෙක් හෝ පොලිස් නිලධාරියෙක් නියෝග කල විට එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් වාහනය / සත්වයා අත්අඩංගුවට ගත හැක. එවන් අවස්ථාවක භාරව සිටි තැනැත්තා හෝ හිමිකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත පමුණුවනු ලබයි.
පහත සදහන් වාහන සහ සතුන් බදු වලින් නිදහස් කෙරේ
- රඡයට හෝ ප්‍රාදේශීය සභාවට අයත් වාහන.
- විකිණීම සදහා තබා ඇති වාහන.
- මෝටර් රථ වාහන ආඥා පනතේ 2 වන වගන්තිය යටතට වැටෙන වාහන.
වරිපනම් බදු අය කිරීමේ ක්‍රියා පිලිවෙත
වරිපනම් බදු අය කරනු ලබන්නේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ යම් ප්‍රදේශයක් දියුණු ගම් ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කල විටය.
වරිපනම් බදු ගෙවීම සදහා සුදුසුකම්
තම දේපල ප්‍රාදේශීය සභා සීමාවේ දියුණු ගම් ප්‍රදේශයක් තුල පිහිටා ඇති විට, පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල නිශ්චල දේපලක හිමිකරුවෙකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලීහිමියා වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි රජයට අයත් නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක හිමිකරු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවකු) වීම.
මෙහි දී,
- තම දේපලෙහි වටිනාකමින් 3% ක් වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වේ.
- අදාල වර්ෂයේ මුල් මාසය තුල වරිපනම් බදු ගෙවීමේ දී 4% ක වට්ටමක් අයිතිකරු වෙත හිමි වේ.
- කාර්තුවක් සදහා ගෙවිය යුතු මුදල අදාල කාර්තුවේ පළමුවන මාසය තුල දී ගෙවනු ලැබුවහොත් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
- එසේ නොමැති නම් අදාල වර්ෂය තුල කාර්තු 4 ක් සදහා කාර්තුවෙන් කාර්තුවට වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත.
- වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සදහා නව වරිපනම් අංකයක් ලබා ගත යුතු වෙයි. (ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන්)
- දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපල පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කර ගත යුතුය.
- වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාල ඔප්පු සාරාංශ පෝරමය ගාස්තු ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
- එම ඔප්පු සාරාංශ පෝරමය, තම ඔප්පුව ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතු වේ.
- එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැලැස්මේ පිටපත් 2 ක් හා ඔප්පුවේ පිටපත් 2 ක් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතු වේ.
- එව්ට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ.
මේ පිළිබද වැඩි දුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත හා පෙදු සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව ප්‍රාදේශීය සභා සීමාව තුල එලිමහන් ස්ථානයක මහඡනයාට දැක ගැනීම සදහා සවි කරනු ලබන ඕනෑම ප්රචාරක දැන්වීමක් සදහා අවසර ලබා ගත යුතුය.
- ඕනෑම වචනයක්, ලිපියක්, ඉලක්කමක්, සංඥාවක්, ස්ථානයක්, පුවරුවක්, දැන්වීමක්, උපකරණයක්, පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් යන ඒවායින් ඹ්නෑම එකක් ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම හෝ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ප්‍රචාරණය අරමුණු කොට ගෙන ඕනෑම ඉඩමක්, ගොඩනැගිලිලක්, ව්‍යුහයකට ඉහලින් හෝ එල්ලා තැබීම දැන්වීම් ප්‍රචාරණයයි.
- ප්රචාරක දැන්වීමේ ස්වභාවය අනුව බලපත්‍ර ගාස්තුව තීරණය කරනු ලබන අතර, සභාව විසින් කලින් තීරණය කරන ලද අනුපාතයකට අනුව එම තීරණය ගනු ලබයි.
පහත සදහන් අවස්ථා වලදී බලපත්‍ර ගාස්තු වලින් නිදහස් කෙරේ,
- ප්රචාරක දැන්වීම පුණ්‍ය අරමුණක් සදහා වන විනෝද කටයුත්තක් සදහා නම්
- මහඡන ප්‍රදර්ශනය සිදු කෙරෙන ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ප්රචාරක දැන්වීම්
- රඡය විසින් සවි කරන ලද ප්රචාරක දැන්වීම්
- ආගමික ආයතනයන්ගේ දේපල වල ස්ථාපිත ව්‍යාපාරික නොවන ප්රචාරක පුවරු
- ඕනෑම ගොඩනැගිල්ලක ජනේලය මත තබා ඇති ප්රචාරක දැන්වීම් විකිණීමට තිබේ, බදු දීමට තිබේ, කුලියට දීමට තිබේ ආදී වශයෙන් දක්වමින් අදාල ස්ථානයන් හි තබා ඇති දැන්වීම්
- ගෘහස්ථ නාම පුවරු
- වෘත්තිකයන් විසින් භාවිත කරනු ලබන වර්ග අඩියකට අඩු නාම පුවරු
ඉදිරිපත් කල යුතු ලේඛන
- විශාල එලිමහන් ප්‍රචාරණ පුවරු සම්බන්ධයෙන් වන විට එම දැන්වීම් ස්ථාපිත කරනු ලබන ස්ථානයේ 1 : 1000 ට නොඅඩු පරිමාණයකට අදින ලද සැලැස්මක්
- පරිමාණය කුඩා කොට අදින ලද ප්රචාරක දැන්වීම් පිටපතක්
අයදුම් කිරීමේ පටිපාටිය
- බලපත්‍රය අයදුම් කරමින් ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.
- ප්රචාරක දැන්වීම ස්ථාපිත කිරීමට දින 7 කට පෙර ඉදිරිපත් කල යුතුය.
- ස්ථිර දැන්වීමක් සදහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව දැන්වීමේ වර්ග අඩි ප්‍රමාණය අනුව ගාස්තුව තීරණය කරනු ලැබේ.
- අයදුම්පත්‍ර හා අවසරපත්‍ර ගාස්තුව අය කරගැනීමෙන් අනතුරුව අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.
එහි දී පහත සදහන් පරිදි ක්‍රියා කල යුතු වේ.
- සියලුම ප්රචාරක දැන්වීම් පුවරුවල බලපත්‍ර අංකය හා බලපත්‍රය නිකුත් කල දිනය සහිත විය යුතුය.
- අවසර පත්‍ර හිමියාගේ නම හා ලිපිනය ප්රචාරක දැන්වීමේ පැහැදිලිව සටහන් විය යුතුය.
- බැනරයක් සම්බන්ධව වන විට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මුද්‍රාව බැනරයේ තිබිය යුතුය.
රියදුරන්ගේ අවධානයට බාධා නොවන ස්ථානයක ප්රචාරක දැන්වීම ස්ථානගත කළ යුතු අතර, එය ඇසට හානිකර නොවන අයුරින් නොවිය යුතුය.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය හා 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථාව) පනත අනුව සකස් කල අතුරු ව්‍යවස්ථාවල සදහන් ව්‍යාපාර සදහා වෙළද බලපත්‍ර ලබා ගත යුතු වේ.
බලපත්‍ර ලබාගත යුතු වෙළද ව්‍යාපාර
වාර්ෂික ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන සියලු වෙළද ව්‍යාපාර පහත සදහන් වේ.
ලැගුම් නිවාසහෝටල්බත් කඩ, ආපන ශාලා සහ තේ හෝ කෝපි කඩබේකරිකිරිපට්ටි හා කිරි වෙළදාමආහාර විකිණීමමාලු විකිණීමමස් විකිණීම | අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාම (සභාව මගින් ප්‍රකාශිත)අනිත් කර්මාන්ත ශාලාසිසිල් බීම කර්මාන්තශාලාලොන්ඩරිසංචාරක වෙළදාමඝාතක මඩුපොදු වෙළදපොලවල්බාබර් සාප්පු |
මීට අමතරව 1952 අංක 6 දරණ පළාත් පාලන සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාමට අමතරව සභාව විසින් වාර්ෂිකව පනවන ව්‍යාපාර සදහා ද වෙළද බලපත්‍ර ලබා ගත යුතුය.
මේ සදහා සභාව විසින් ලබා දෙන අයදුම් පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුයි.
ගාස්තුව
- රු. 1000.00 ක් හෝ ඊට අඩු මුදලක් (ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම මත) වෙළද බලපත්‍ර ගාස්තුව ලෙස අය කර ගනු ලබයි.
- වෙළද බලපත්‍ර හා කර්මාන්ත බදු අය නොකරන ව්‍යාපාර සදහා ව්‍යාපාර බද්දක් අය කරනු ලබයි.
පටිපාටිය
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි සියලුම වෙළද ව්‍යාපාරයන් වෙත අයදුම්පතක් ලබා දීම.
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර එකතු කිරීම.
- අයදුම්කරු සපයන ලද තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීම.
- මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය සදහා යොමු කිරීම.
- ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
- අඩුපාඩු නොමැති විට බලපත්‍රය සදහා නිර්දේශ කෙරේ.
- බලපත්‍ර ගාස්තු අය කර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙරේ.
මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,
- අයදුම්පත්‍රයේ ඇති අඩුපාඩු සදහන් කරමින් අයදුම්කරු වෙත ලිපියක් එවනු ලැබේ.
- එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාවට දැනුම් දිය යුතුය.
- නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයකින් පසු ව්‍යාපාරය සියලු සෞඛ්‍යය නීති හා කොන්දේසි සපුරා ඇත්නම් අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සලසනු ලබයි.
වෙළද බලපත්‍රයක් ලබා නොගන්නා විට
- වෙළද බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට අනතුරු අගවනු ලැබේ.
- දැන්වීම සිදු කොට දින 7 ක් ඇතුලත බලපත්‍ර ලබා නොගත්තේ නම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.
කර්මාන්ත බදු ගෙවීමේ පටිපාටිය
- නගර සභා සීමාව තුල පිහිටි සියලුම ව්‍යාපාරික ස්ථානයන් වෙත අයදුම් පත්‍රයක් නොමිලයේ ලබා දෙනු ලැබේ.
- අයදුම්පත් නැවත එකතු කර ගනු ලැබේ.
- වාර්ෂික වටිනාකම මත රු. 1000.00 දක්වා වූ බද්දක් අය කරනු ලැබේ.
- බදු ගෙවීමෙන් අනතුරුව ඒ සදහා වන රිසිට් පත ලබා ගත යුතුය.
මෙම බද්ද තීරණය කරනු ලබන්නේ,
- ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම
- වෙළදාම
- රැස්වන ලාභය
- ව්‍යාපාර මගින් සපයනු ලබන නිෂ්පාදනයන්ගේ අත්යාවශ්යතා මට්ටම මතය.
වෙළද බදු නොගෙවීමේ දී
- ව්‍යාපාරයේ හිමිකරුට දැන්වීමක් නිකුත් කරනු ලැබේ.
- දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ගෙවීමක් සිදු නොකරන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.
ව්‍යාපාර බදු ගෙවීම
වෙළද බලපත්‍ර හෝ කර්මාන්ත බදු නොගෙවිය යුතු ව්‍යාපාර සදහා ව්‍යාපාර බදු ගෙවිය යුතුයි.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 වගන්තිය අනුව පසුගිය වසරේ ආදායම පදනම් කර ගෙන මෙම බද්ද නියම කෙරේ.
ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තිය අනුව හා 1980.12.31 දින පළාත් පාලන කොමසාරිස් විසින් නිකුත් කරන ලද අංක 1980-46 දරණ චක්‍රලේඛය අනුව වෙළද කුටි ඉදිකර සේවයක් ලෙස මහඡනයාට බද්දට දීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.
ගාස්තුව
- ප්‍රාදේශීය සභාව විසින් යෝඡනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන තක්සේරු කරන ලද මුදලකට වෙළද කුටි ලබා දෙනු ලැබේ.
- තෝරාගනු ලබන අයදුම්කරුවන් මාස 6 ක වාරිකයන්ට සමාන මුදලක් ආරක්ෂිතයක් ලෙස තැම්පත් කල යුතුය.
- ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තුවකට ටෙන්ඩර් ලේඛන ලබා ගත හැක.
ඉල්ලුම් කිරීමේ පටිපාටිය
- පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රාදේශීය වශයෙන් ප්‍රසිද්ධ කිරීම.
- ටෙන්ඩර් ලේඛන ගාස්තුව ගෙවීමෙන් පසු ටෙන්ඩර් අයදුම්පත් සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
- ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවීම.
- ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවූ බවට වන රිසිට්පත ද සමග ටෙන්ඩර් අයදුම්පත් ටෙන්ඩර් පෙට්ටියට දැමීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම.
- වැඩිම ලංසුව ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුට වෙළද කුටි බද්දට ගැනීමේ අවස්ථාව ලැබේ.
- සාර්ථක අයදුම්කරුවන්ට ආරක්ෂක තැන්පතුව හා මූලික ගෙවීම සිදුකර විධිමත් ගිවිසුමකට පැමිණි පසු කඩ කාමර භාර ගත හැක.
- වෙළද බලපත්‍ර ලබා ගත් පසු වෙළද කටයුතු ආරම්භ කළ හැක.
වාරික ගෙවීම පැහැර හැරීමක දී,
- අවසන් දැන්වීම යැවීම.
- ගිවිසුම අවසන් කල පසු සන්තකය ආපසු ලබා ගැනීම.
කඩ කාමර අලුත්වැඩියා කිරීම,
- රඡයේ හෝ පළාත් පාලන ආයතනයේ මුදල් වියදම් කර පැරණි වෙළද කුටි වෙනුවට අලුතින් වෙළද කුටි ඉදි කරන අවස්ථාවක දී පැරණි වෙළද කුටි වල කුලී නිවැසියන් නව වෙළද කුටිවල කුලී නිවැසියන් ලෙස තෝරා ගනු ලැබේ.
- වාණිඡ බැංකුවකින් මුදල් ණයට ගෙන පැරණි වෙළද කුටි වෙනුවට අලුතින් වෙළද කුටි ඉදිකරන ලද අවස්ථාවක දී පැරණි මෙන්ම නව කුලී නිවැසියන් ද තෝරා ගනු ලැබේ.
- බදු ගැණුම්කරුගේ ඉල්ලීම හෝ ඔහුගේ මිය යාම හේතුවෙන් බද්ද ඔහුගේ / ඇයගේ බිරිද / සැමියා හෝ දුව / පුතා වෙතට මාරු කළ හැකි අතර, එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය වූ විටෙක ලේකම් වෙතින් ඉල්ලීමක් කළ යුතුය.
මෙහි දී, සැණකෙළි සහ සර්කස්, සංගීත සංදර්ශන විවිධ ප්‍රසංග හා මැඡික් සංදර්ශන සහ ක්‍රීඩා, නර්ථන, මල්ලවපොර හා පිහිනුම් උළෙල සදහා බලපත්‍ර ලබා දීම සිදු කෙරේ.
1912 අංක 7 දරණ ප්‍රසිද්ධ රැගුම් ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල සීමාව තුල සිදු කෙරෙන චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය යන වර්ගීකරනය යටතට නොවැටෙන ඕනෑම සංදර්ශණයක් සදහා ප්‍රසිද්ධ රැගුම් දැක්වීමේ බලපත්‍රයක් ලබා ගත යුතුය.
මේ සදහා,
- අයදුම්පත්‍රයක්, ගාස්තුවක් ගෙවීමෙන් තෙරව ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත යුතුය.
- ගෙවීමක් සිදු කිරීම මත බලපත්‍රය නිකුත් කෙරේ. (ගාස්තුව කාලානුරූපව සභාව මගින් තීරණය කරන ලද්දකි)
- ඡනතාවගේ විරෝධයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් තීරණයක් ගනු ලැබේ.
1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල සිදු කෙරෙන සියලු මහඡන සංදර්ශනයන් විනෝද බද්ද ගෙවීමට බැදී සිටී. මෙම බද්ද සියලු සංදර්ශනයන්ගේ ප්‍රවේශපත්‍ර තුල ඇතුලත් වන අතර ආගමික, අධ්‍යාපනික හා පුණ්‍ය කටයුතු සදහා වන දර්ශනයන් හැර සෙසු සියලු සංදර්ශනයන්ගෙන් මෙය අයකරගනු ලැබේ.
ගාස්තුව
- විනෝද බද්ද ලෙස අය කර ගනු ලබන්නේ ආදායමෙන් 10%ක ප්රතිශතයකි.
- මහඡන සංදර්ශනයන් පිළිබද වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් මෙය ප්‍රවේශපත්‍රයේ මිලට ඇතුලත් කරනු ලබයි.
පටිපාටිය
- ප්‍රාදේශීය සභා සභාපතිගේ මුද්‍රාව සියලුම ප්‍රවේශපත්‍ර වල යොදා තිබිය යුතුය.
- සිනමා ශාලා නොවන අනෙකුත් සංදර්ශනයන සදහා මෙම මුද්‍රාව තැබීමේ දී අදාල බදු මුදල් ප්‍රාදේශීය සභාව ගෙවිය යුතු වේ. මෙය ආරක්ෂණ මුදලක් ලෙස තබා ගන්නා අතර සංදර්ශනයනය අවසානයේ දී නොවිකුණූ ට්කට් පත් සදහා අයකර ගත් මුදල ආපසු ලබා දෙනු ලැබේ.
- මහඡන සංදර්ශනයනය පිළිබද වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් අලෙවි වූ ප්‍රවේශපත්‍ර පිළිබදව දෛනික වාර්තාවක් තබා ගත යුතුය.
- එක් එක් දර්ශනය සදහා අලෙවි වූ ටිකට්පත්ර සභාවේ ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක විසින් පරීක්ෂාවට ලක් කෙරේ.
- සිනමා දර්ශනය සදහා දෛනික වාර්තා අනුව අලෙවි වූ ටිකට් පත් සංඛ්‍යාව සලකා බලා ගෙවි යුතු ආදායමෙන් 10% ක බදු මුදල දෛනිකව අය කර ගනු ලැබේ.
- විනෝද බදු ගෙවීම පැහැර හැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.